فَإِن لَّمْ يَسْتَجِيبُوا۟ لَكَ فَٱعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَآءَهُمْ وَمَنْ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيْرِ هُدًى مِّنَ ٱللَّهِ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔබට ඔවුහු පිළිතුරු නො දුන්නේ නම් එවිට දැන ගනු! නියත වශයෙන් ම ඔවුන් අනුගමනය කරනුයේ ඔවුන්ගේ ආශාවන් ය. අල්ලාහ් වෙතින් වූ මගපෙන්වීම හැර දමා තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගිය අය කවරෙකු ද? නියත වශයෙන් ම අල්ලාහ් අපරාධකාරී ජනයාට යහ මග පෙන්වන්නේ නැත.