قُلْنَا ٱهْبِطُوا۟ مِنْهَا جَمِيعًا فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّى هُدًى فَمَن تَبِعَ هُدَاىَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
Sinhalese Translation - Rowwad Translation Center"නුඹලා සියල්ලෝ ම එයින් පහළට බසිනු. මාගෙන් නුඹලාට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන්ට බියක් නොමැත. තවද ඔවුන් දුකට පත් වන්නේ ද නැත" යැයි අපි පැවසුවෙමු.