وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَٰٓئِكَةِ إِنِّى جَاعِلٌ فِى ٱلْأَرْضِ خَلِيفَةً قَالُوٓا۟ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ ٱلدِّمَآءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّىٓ أَعْلَمُ مَا لَا تَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ පරමාධිපති මලක්වරුන් (දේව දූතයින්) අමතා "සැබැවින් ම මම මහපොළොවේ නියෝජිතයකු පත් කරන්නට යමි" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබව ඔබගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරමින්, ඔබව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තවද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැ?" යි ඔවුහු පැවසූහ. "නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි" යැයි ඔහු පැවසුවේ ය.