ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ لَا تَأْخُذُهُۥ سِنَةٌ وَلَا نَوْمٌ لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ مَن ذَا ٱلَّذِى يَشْفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذْنِهِۦ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَىْءٍ مِّنْ عِلْمِهِۦٓ إِلَّا بِمَا شَآءَ وَسِعَ كُرْسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَلَا يَـُٔودُهُۥ حِفْظُهُمَا وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහුව ග්‍රහණය නො කරයි. අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේ ය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නො කරති. ඔහුගේ අසුන අහස්හි හා මහපොළොවෙහි ව්‍යාප්තව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නො වේ. තවද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය.