قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى شَكٍّ مِّن دِينِى فَلَآ أَعْبُدُ ٱلَّذِينَ تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَٰكِنْ أَعْبُدُ ٱللَّهَ ٱلَّذِى يَتَوَفَّىٰكُمْ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ
Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ ජනයිනි! මාගේ දහම පිළිබඳ සැකයෙහි නුඹලා පසුවන්නෙහු නම් එවිට (දැන ගනු) අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන අයට මම නැමදුම් නො කරමි. එහෙත් නුඹලාව මරණයට පත් කරන අල්ලාහ්ට නැමදුම් කරමි. දේවත්වය විශ්වාස කරන්නන් අතරින් මා වන්නට අණ කරනු ලැබුවෙමි’ යැයි (නබිවරය!) නුඹ පවසනු.