وَوَٰعَدْنَا مُوسَىٰ ثَلَٰثِينَ لَيْلَةً وَأَتْمَمْنَٰهَا بِعَشْرٍ فَتَمَّ مِيقَٰتُ رَبِّهِۦٓ أَرْبَعِينَ لَيْلَةً وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَٰرُونَ ٱخْلُفْنِى فِى قَوْمِى وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ ٱلْمُفْسِدِينَ
Sinhalese Translation - Rowwad Translation Centerමූසාට අපි රාත්‍රී තිහක් ප්‍රතිඥා දුනිමු. තවද අපි එය (දින) දහයකින් පූර්ණවත් කළෙමු. ඒ අනුව ඔහුගේ පරමාධිපතිගේ නිශ්චිත කාලය රාත්‍රී හතළිහක් ලෙස සම්පූර්ණ විය. මාගේ සමූහයා අතර මා වෙනුවෙන් නුඹ නියෝජනය කරනු. තවද විධිමත් කරනු. තවද නුඹ කලහකාරීන්ගේ මඟ අනුගමනය නො කරනු යැයි මූසා ඔහුගේ සහෝදර හාරූන්ට කීවේ ය.