caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Mujaadila, වාක්‍ය 22

මදීනා · revelation order 105 · 58:22

لَّا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ يُوَآدُّونَ مَنْ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوْ كَانُوٓا۟ ءَابَآءَهُمْ أَوْ أَبْنَآءَهُمْ أَوْ إِخْوَٰنَهُمْ أَوْ عَشِيرَتَهُمْ أُو۟لَٰٓئِكَ كَتَبَ فِى قُلُوبِهِمُ ٱلْإِيمَٰنَ وَأَيَّدَهُم بِرُوحٍ مِّنْهُ وَيُدْخِلُهُمْ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا رَضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ أُو۟لَٰٓئِكَ حِزْبُ ٱللَّهِ أَلَآ إِنَّ حِزْبَ ٱللَّهِ هُمُ ٱلْمُفْلِحُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පිරිසක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන්ව ප්‍රිය කරනු නුඹ නො දකිනු ඇත. ඔවුහු ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ ඔවුන්ගේ සහෝදරයින් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වුවද. ඔවුන්ගේ හදවත් තුළ ඔහු දේව විශ්වාසය නියම කොට ඔහුගෙන් වූ ආත්මයෙන් ඔවුන් ශක්තිමත් කළ අය ඔවුහු වෙති. තවද ඒවාට යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔවුන් ඇතුළු කරයි. එහි ඔවුන් සදාතනිකයින් ය. අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් විය. ඔවුහු ද ඔහු ගැන තෘප්තිමත් වූහ. අල්ලාහ්ගේ පිරිස ඔවුහු ය. දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ්ගේ පිරිස වන ඔවුහු මය ජයග්‍රාහකයෝ.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70