قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَّا ذَلُولٌ تُثِيرُ ٱلْأَرْضَ وَلَا تَسْقِى ٱلْحَرْثَ مُسَلَّمَةٌ لَّا شِيَةَ فِيهَا قَالُوا۟ ٱلْـَٰٔنَ جِئْتَ بِٱلْحَقِّ فَذَبَحُوهَا وَمَا كَادُوا۟ يَفْعَلُونَ
Sinhalese Translation - Rowwad Translation Center"සැබැවින් ම එය පොළොව සී සාන්නට හෝ ගොවි බිමට ජලය සපයන්නට හෝ පුහුණු නො කළ, වර්ණයෙහි කිසිදු වෙනසක් නොමැති, නිකැළැල් එළදෙනකු බව ඔහු පවසා සිටින්නේ" යැයි පැවසී ය. “දැන්ය ඔබ සත්‍යය ගෙන ආවේ" යැයි ඔවුහු පැවසූහ. (එසේ) සිදු කරන්නට (එතරම් කැමැත්තකින්) නො සිටිය ද ඔවුහු උගේ ගෙල කපා හැරියහ.