ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزْقًا لَّكُمْ وَسَخَّرَ لَكُمُ ٱلْفُلْكَ لِتَجْرِىَ فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ وَسَخَّرَ لَكُمُ ٱلْأَنْهَٰرَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් වනාහි ඔහු අහස් හා මහපොළොව මැව්වේ ය. තවද අහසින් ජලය පහළ කළේ ය. එමඟින් ඔහු නුඹලාට පෝෂණය වශයෙන් බවභෝග මතු කළේ ය. තවද ඔහුගේ අනුමැතියෙන් මුහුදේ ගමන් කරනු වස් නුඹලාට නැව් වසඟ කර දුන්නේ ය. තවද නුඹලාට ගංගාවන් ද වසඟ කර දුන්නේ ය.