وَمَا ظَنُّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ يَوْمَ ٱلْقِيَٰمَةِ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට එරෙහිව බොරු ගොතන්නන්ගේ සිතුවිලි කුමක් ද? නියත වශයෙන් ම අල්ලාහ් ජනයා කෙරෙහි භාග්‍ය සම්පන්න ය. එනමුත් සැබැවින් ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති.