قُل لَّوْ شَآءَ ٱللَّهُ مَا تَلَوْتُهُۥ عَلَيْكُمْ وَلَآ أَدْرَىٰكُم بِهِۦ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًا مِّن قَبْلِهِۦٓ أَفَلَا تَعْقِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් අභිමත කළේ නම් මම නුඹලා වෙත එය පාරායනය නො කරන්නට තිබුණි. තවද මම එය නුඹලාට නො දන්වන්නට තිබුණි. සැබැවින් ම මම මීට පෙර නුඹලා අතර චිරාත් කාලයක් රැඳී සිටියෙමි. නුඹලා වටහා ගත යුතු නො වේ ද? යැයි (නබිවරය!) නුඹ පවසනු.